brand logo
logo

රන් මාල කඩාගෙන ගිය දෙදෙනෙකු මාට්ටු

23 December 2018

යතුරු පැදියකින් පැමිණ කාන්තාවන් ගෙළ බැද සිටින රන් දම්වැල් කඩා ගෙන යන කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 22 වැනිදා සවස හලාවත - ඉනිගොඩවෙල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා වෙන්නප්පුව - සිරිගම්පල කොළණියේ පදිංචිකරුවන් දෙදෙනෙකි.ඔවුන් වයස අවුරුදු 27 – 28 වියේ පසුවන බව පොලීසිය කියයි. යතුරු පැදියේ පිටුපස පැමිණි සැකකරු එක් වරම කාන්තාවක් පැළද සිටි රන් දම්වැල කඩා ගෙන පලා යාමට උත්සාහ කරන අවස්ථාවේදී ගම්වාසීන් විසින් අල්ලා ගෙන පොලීසියට බාර දී ඇත. යතුරු පැදිය පදවාගෙන පැමිණි සැකකරු එම අවස්ථාවේදී පලා ගොස් ඇත.අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත පලා ගොස් සිටි සැකකරුව 22 වැනිදා රාත්‍රීයේ වෙන්නප්පුව - සිරිගම්පල ප්‍රදේශයේ සැගවී සිටියදී හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොල්ලය සදහා යොදා ගත් යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර කස්තුරිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. පුත්තලම - ජූඩ් සමන්ත
 

More News..