අතන මෙතන

රන් භාණ්ඩ සොරකම් කළ කතුන් දෙදෙනෙකු රිමාන්ඩ්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රං භාණ්ඩ සොරකමි කළ සැකකාර කාන්තාවන් දෙදෙනෙකු ජනවාරි මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් එමි.එමි. රෆික් මහතා නියෝග කළේය.

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ කිරිමැටිතැන්න ලංකාබරන වත්ත ප්‍රදේශයේ පදිංචි තිහ සහ තිස් අට වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සංවිධානාත්මකව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරකමි කරන ලද රං මාල පහක්,රං අත් පළදනා දෙකක් සහ රං කරාඔු ජෝඩු දෙකක් සමග මෙම කාන්තාවන් දෙදෙනා ඊයේ (09) දා රාත්‍රියේ බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්හ. මන්නාරම,රත්නපුර හා බදුල්ල ඇතුළු ප්‍රදේශවලින් මෙම රං භාණ්ඩ සොරකමි කරගෙන ඇති බවට පොලිසිය විසින් සිදුකල ප්‍රශ්න කිරිමෙිදි අණාවරණය කරගෙන තිබෙි.

බලන්ගොඩ පොලිසියේ ආර්.එමි.එන්.නුවන් සහ ආරියසේන යන නිළධාරීන් දෙදෙනා විසින් සැකකාරියන් බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කළහ.

බලන්ගොඩ එන් එස් ප්‍රියනන්දන