රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක්
30 September 2020
රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක්
30 September 2020
රන්දෙණිගල ජලාශය ආසන්නයේ කීර්තිබණ්ඩාරපුර ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශයක ඊයේ (29) රාත්‍රීයේ ගින්නක් හට ගෙන තිබේ.
ගින්න මැඩපැවැත් වීමට මේ වන විට ගුවන් හමුදාවේ සහය ලබා ගෙන ඇති අතර ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර යානාවක් මේ සඳහා යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
බම්බි බකට් ආධාරයෙන් ගින්න ඇති වු ස්ථානයට ඉහළින් මේ වන විට ගුවන් හමුදාව ජලය හෙළීමට කටයුතු කරමින් සිටී.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමක් අනුව ගින්න නිවීමට හෙලිකොප්ටර් යානයක් යොදවා ඇත.