ගොසිප්

රන්ජන් කොකේන් නාගනී

‘‘සර්, අර රන්ජන්ගෙ කොකේන් වාර්තාවෙ මොනවද තියෙන්නෙ? මේක හරියට විසඳගත්තෙ නැත්නම් මුළු පාර්ලිමේන්තුවම හෑල්ලු වෙනවා…’’ අමාත්‍ය නවීන් දිසානායක අගමැතිවරයාට කීවේය.

‘‘චෝදනා කළාට විතරක් මදිනෙ. ඔප්පු වෙන්නත් ඕනැනෙ. රංජන් මේ ගැන සී.අයි.ඩී.යටත් තොරතුරු දීලා තියෙන නිසා ඒ ගැන නීති ක්‍රියාත්මක වෙයි. කොහොම වුණත් මේ ගැන මම කෘත්‍යාධිකාරී රැස්වීමෙදිත් කතා කළා. පක්ෂේ අයට එල්ල වන චෝදනා සත්‍ය වුණොත් පක්ෂයෙන් වෙනම විනය පරීක්ෂණ සිදු කරන්න වෙයි.

මේ අතර කොග්ගල ඇඟලුම් කම්හලක් විවෘත කිරීමට සහභාගී වෙමින් සිටි, දකුණු පළාත් මැති ඇමතිවරුන් අතර ද ‘රන්ජන්ගේ කොකේන්’ කතාව ‘පත්තු වී’ තිබිණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මොහාන් ද සිල්වා ‘‘මේක මේ රටේ ප්‍රශ්න අමතක කරවන්න රන්ජන් දාන රංගනයක්. මේකේ පිටපත ලියන්නේ රනිල්…’’ යැයි පැවසීය.

‘‘ආණ්ඩුව නං වැඩ කරන්නේ කුඩු ගහලා වගේ…’’ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පැවසීය.

‘‘රන්ජන් මුලින් ම කිව්වේ, කැබිනට් එකේ අය කොකේන් ගහනවා කියලා. දැන් කියනවා විපක්ෂෙ අය කොකේන් ගහනවා කියලා. මේක රන්ජන්ගෙ අතේ රෝලක්. අන්තිමට රන්ජන් ම තමා කොකේන් නාන්නේ’’ යනුවෙන් පැවසුවේ, දකුණු පළාතේ පළාත් සභා මන්ත්‍රීවරයෙකි.