brand logo

රන්ජන්ට තවත් ප්‍රශ්න පත්තර 2ක්

09 June 2022

හිටපු මන්ත්‍රී නිදිමරාගෙන හිර මැදිරියේ පාඩම් කරයි

අධිකරණයට අපහස කර වසර දෙකක් සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ජනප්‍රිය සිනමා නළුවකු වන රන්ජන් රාමානායකට තවත් වසර දෙකක සිර දඩුවමක් ලැබී ඇත. අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් රංජන් රාමනායකට වසර 02ක සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය පස් වසරකට අත්හිටුවා ඇත. කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාරයේ යහපත් කල් කිරියාවෙන් සිටින රන්ජන් මේ දිනවල තමන්ගේ උපාධි පරීක්ෂණයට පිළිතුරු ලියමින් සිටින බව සිර ගෙදර ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තරුණ ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හදාරමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය 6 වැනිදා පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ඇත. එලැබෙන 11 වැනිදා හා 18 වැනිදා රන්ජන් තවත් ප්‍රශ්න පත්‍ර දෙකට මූණ දීමට මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙමින් ඇත. සිර ගෙදර ආරංචි මාර්ග පවන පරිද් රන්ජන් මේ දිනවල වෙහෙස මහන්සි වී පාඩම් වැඩවල යෙදී සිටින අතර ඔහුට අවශ්‍ය සියලු පහසුකම් මේ වනවිට සිරගෙදර බලධාරීන් ඔහුට සපයා ඇත. අවශ්‍ය පොත් පත්, පෑන් පැන්සල් මෙන්ම ලැප්ටොප් පරිගණකයක්ද මේ දිනවල රන්ජනට ලබා දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. – උපුටා ගැනීම අරුණ ගොසිප්
 

More News..