brand logo
logo

රදගුරු නිවසේ තවත් තිදෙනකුට කෝවිඩ්

14 October 2020

මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ගොස් සිටි තවත් තිදෙනකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔවුන් මාරවිල, කටුනේරිය, ආරච්චිකට්ටුව සහ මුන්දලම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කළ වෙන්නප්පුව, ලුණුවිල පදිංචි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වීමත් සමග එහි 35 දෙනකුට පසුගියදා පීසීආර් පරීක්ෂණ සිදු කෙරුණි. එයින් 4 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. ඔවුන් මන්නාරම, පෙරියකාඩු, නාත්තන්ඩිය, දුන්කන්නාව, වෙන්නප්පුව, ලුණුවිල සහ මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ජූඩ් සමන්ත-පුත්තලම
 

More News..