News

රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2280ක් අත්අඩංගුවට

දීවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2280ක් අත්අඩංගුවට ගෙන ඇත.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ වූ අතර මෙම මෙහෙයුමේ දී ඊයේ(11) උදෑසන 6 සිට අද(12) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 243ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.

ඒ අනුව ජුලි මස 5 වන දින සිට අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 2280කි.