brand logo

රතන හිමි පක්ෂයෙන් නෙරපයි

16 October 2021

රතන හිමිගේ මන්ත්‍රීධුරය අහෝසි කරන්න මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක්

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය. පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කර ඇති බවද ජාතික සංවිධායකවරයා පැවසීය. මෙම තීරණය ඇතුළත් ලිපිය එම පක්ෂය විසින් ඊයේ (15 ) මැතිවරණ කොමිෂන් සභාවට භාර දී ඇත. මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අපේ ජනබල පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ පක්ෂයෙන් අතුරලියේ රතන හිමියන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ලිපිය තමන් වෙත ලැබී ඇති බවයි. අශිකා ජයවීර
 

More News..