රට වහන්න බැරි හේතු ජනපති කියයි
කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කළ යුතු සේම රට විවෘත කර තැබීමද වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදීයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තීන්දු තීරණ ගැනීමේදී සමස්ථ ක්‍රියාවලිය කෙරෙහිම අවධානය යොමු කරමින් නිවරැදි තීරණ ගත යුතුව ඇති බවයි.