brand logo

රට පුරා හැමෝටම උත්සව සමයේ සතුට පතුරන කාගිල්ස් ෆුඩ්සිටි

21 December 2019

සෑම වසරකම සිය හිතවත් පාරිභෝගිකයන්ට ඔවුන් බලාපොරොත්තු වන ත්‍යාග සහ දීමනා ලබාදෙමින් උත්සව සමය රසවත් කරන්නට කාගිල්ස් ෆුඩ්සිටි අමතක කරන්නේ නැත. මේ වසරේ වෙනදාටත් වඩා වැඩි දීමනා සහ ත්‍යාග සමගින් සිය පාරිභෝගිකයන් මවිත කිරීමට කාගිල්ස් ෆුඩ්සිටි බලාපොරොත්තු වන්නේ මිලියන 10 ක් ඔවුන් වෙනුවෙන් වෙන්කරමිනි. මෙම දීමනාව යටතේ ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට රුපියල් ලක්ෂය බැගින් දිනා ගැනීමේ අවස්ථාව හිමි වේ. මේ සඳහා ඇතුළත් වීමට සිදු කළ යුත්තේ නම් කළ භාණ්ඩ 3 ක් සමග රුපියල් 1000 ක භාණ්ඩ මිලදී ගැනීම පමණි. මෙම මිලියන 10 වාසියට අමතරව 50,000 කට වැඩි ක්ෂණික වවුචර් ප්‍රමාණයක් දිනාගැනීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ. මේ සඳහා කළ යුත්තේ නම් කළ භාණ්ඩ 3 ක් සමග රුපියල් 1500 ක භාණ්ඩ මිලදී ගැනීමය. අද දිනය වනවිට කාගිල්ස් ෆුඩ්සිටි මිලියන 3 ක් සිය පාරිභෝගිකයන් අතරේ බෙදා දෙමින් ලක්ෂපතියන් 40 ඉක්මවා බිහි කර තිබේ. මින් නොනැවතී තවදුරටත් සිය හිතවත් පාරිභෝගිකයන්ට වාසි අත්කර දෙමින් කාගිල්ස් ෆුඩ්සිටි මේ උත්සව සමයේ භාණ්ඩ 800 කට වැඩි ප්‍රමාණයකට වට්ටම් සහ විශේෂ දීමනා ලබා දේ.
 

More News..