brand logo

රටම ලොක්ඩවුන් කරන්න අවශ්‍ය නෑ

31 October 2020

රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් ඇතිව නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඔහු පැවසුවේ අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් නව කොරෝනා පොකුර තවදුරටත් පැතිරයාම පාලනය කර ගත හැකි බවයි. කොවිඩ් ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වන ප්‍රදේශ පමණක් හුදකලා කිරීම මේ වන විට ප්‍රමාණවත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..