අතන මෙතන

රටඉඳි මුවාවෙන් කෝටි ගණනක චීස් ගෙන්වලා

 

මහා පරිමාණයෙන් නීති විරෝධීව කහ ආනයනය කර හසු වූ ව්‍යාපාරිකයන් රටඉඳි ගෙන්වන මුවාවෙන් ආනයනය කළ රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක් වටිනා චීස් තොගයක් රේගු නිලධාරින් භාරයට ගෙන ඇත.

මෙලෙස රේගු භාරයට ගත් චීස් තොගය ඔරුගොඩවත්ත රේගු අංගණයේදී පෙරේදා (21 වැනිදා) මාධ්‍යයට ප්‍රදර්ශනය කරන ලදී. මෙම අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියද සහභාගි විය. මෙම චීස් තොගය ඩුබායි සිට නීති විරෝධී ලෙස චීස් කිලෝග්‍රෑම් 13,500 ක් ආනයනය කර තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න කීවේය.

මෙම චීස් තොගය සහිත කන්ටේනරය පිළිබඳ විමර්ශනවලින් අනතුරුව චීස් තොගය ගෙන්වූ පුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවද රේගුව පැවසීය. ඡායා : ක්‍රිෂාන් කාරියවසම්

සාලිය කුමාර ගුණසේකර