brand logo

රජයේ ආදායම වැඩි කිරීමේ යෝජනා විවාදයට

21 September 2022

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද 9.30ට ආරම්භ විය. රජයේ ආදායම වැඩි කිරීම සඳහා යෝජනා කිහිපයක් අද (21) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වේ. මේ අතර ළමයින් සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අද ආරම්භ වනු ඇති. හෙට (22) දිනයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සශෝධන පනත් කෙටුම්පත සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිත අතර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ විවාදයට ගැනීමට ද නියමිත බව වාර්තා වේ.
 

More News..