යොහානිගේ මැණිකේ කැරොලිනා තමන්ගේ කර ගනී
24 September 2021
යොහානිගේ මැණිකේ කැරොලිනා තමන්ගේ කර ගනී
24 September 2021
කැරොලිනාගේ වාදනය අසා කුල්මත් වූ බව ඇමරිකානු තානාපතිනිය කියයි
ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ 'මැණිකේ මගේ හිතේ' ගීතය 13 හැවිරිදි කැරොලිනා ප්‍රොටෙසෙන්කෝ කැලිෆෝනියාවේ ජනාකීර්ණ වීදියක වාදනය කළ අයුරු බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා. මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ද ට්විටර් සටහනක් තබා තිබුණා.සංගීතය විශ්ව භාෂාවක් බව මින් වඩ වඩාත් තහවුරු වූ බවද මෙහිදී ඇය වැඩි දුරටත් පවසා තිබුණා.ශ්‍රී ලංකවේ ගීතය ක් වූ මැනිකේ මගේ හිතේ... කැලිෆෝනියාවේ වීදියකදී කැරොලිනා වයලීනයෙන් වයනු අසා මම මහත් සතුටක් වින්දා. මම බලාපොරොත්තු වෙනවා ඔබත් ඒ අයුරින්ම සතුටු වෙයි කියා... තානාපතිවරිය කියා තිබුණා.
