අතන මෙතන

යුවලක් ගෙල වැලලාගෙන මිය යයි

මහබාගේ වැලිසර ප්‍රදේශයේ කූලී නිවසක සිටි යුවලක් ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි මහබාගේ පොලීසියෙන් වාර්තා වේ.
ඉකුත් 07 දා සවස මහබාගේ පොලීසිය ට ලද තොරතුරක් අනුව වැලිසර ඇලෙහිවත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ බාල්කයක ලණුවකින් ගෙලවැලලා ගෙන මියගොස් සිටි යුවලක් හමුවී ඇත.
ඔවුන් මිය යාමට පෙර සිය කැමැත්තෙන් මෙලෙස සිය දිවි හානි කරගන්නා බවට ලියන ලද ලිපියක් ද පොලීසිය ට හමුව තිබේ.
මෙලෙස සිය දිවි හානිකරගෙන ඇත්තේ යසමන් නිවස හම්බතුඩුව මාවනැල්ල පදිංචි රුවන් කුමාර කරුණාරත්න (33) හා අංක 240 නිවන්දම ජා-ඇල පදිංචි යූ.ඩි. හේමා නන්දනී යන අයවළුන් බව පොලීසිය හදුනාගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණ කටයුතු මහබාගේ පොලීසිය විසින් සිදු කරනු ලබයි.
ප්‍රසංග පාවුළුහේවා