News

යුරෝපා සංගමයේ දූත පිරිසක් කථානායක හමුවෙයි

යුරෝපා සංගමයේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා සහ යුරෝපා සංගමයේ ආසියානු පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පෝලා පම්පලෝනි මහත්මිය ප්‍රමුඛ යුරෝපා සංගමයේ දූත පිරිසක් ඊයේ (10) වැනිදා ගරු කථානායක කරු ජයසූරිය මහතා මුණගැසුනහ.

පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේ පැවති මෙම හමුවට යුරෝපා සංගමයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අංශ ප්‍රධානී අයිවෝ ෂට්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේක්ම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.