brand logoaward badge

යුධ හමුදාපති සහ රිෂාඩ් බදියුදීන් හෙට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට

25 June 2019

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට (26) දිනයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා සහ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා කැඳවා තිබේ. මීට අමතරව කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සාමන්‍ය අධිකාරීවරයා ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (26) පස්වරු 02.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි රැස්වීමට නියමිතව ඇත.
 

More News..