News

යාපනය සරසවි සිසුන් කළු ජූලිය සමරයි

යාපනය විශ්ව විද්‍යාල සිසුන් කළු ජුලිය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වු දමිළ ජනතාව සිහි කරමින් 26 වන සැමරුම් වැඩසටහනක් අද(23) යාපනය විශ්ව විද්‍යාලයේදී පවත්වනු ලැබීය.

කළු කොඩි ඔසවා යාපනය විශ්ව විද්‍යාල පිවිසුම් මාර්ගය ඉදිරිපස පවතින සැමරුම් ස්මාරකය අභියසදී පහන් දල්වා, මල් පුදා කළු ජුලියෙන් මියගිය දමිළ ජනතාව සිහි කිරීම එහිදි සිදුකරනු ලැබීය.

1983 ජුලි මස 23 වැනිදායින් ආරම්භ වු කළු ජුලිය සමයේ ‍මියගිය දමිළ ජනතාවගේ ආත්ම ශාන්තිය වෙනුවෙන් තමන් සැමරුම් වැඩසටහන පැවැත්වු බව යාපනය විශ්ව විද්‍යාල සිසුන් පැවසූහ.

කළු ජුලිය සමයේ සිදුවු විනාශය සළකා බැලීමේදී දත්ත වාර්තාවන් අනුව 400 ත් 3000 ත් අතර පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත්, පුද්ගලයින් 150000 ක පමණ පිරිසක් වෙත සිය වාසස්ථාන අහිමි වු බවත් සඳහන් වේ.

සැමරුම් වැඩසටහන වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයින් හා විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්ද එක්ව සිටියහ.

වවුනියාව – මාධව කුලසූරිය