brand logo
logo

යාපනයේ බෝට්ටුවක් ගිනි තැබු අයෙක් අත්අඩංගුවට

15 April 2019

යාපනය,පේදුරුතුඩුව,වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ වෙරළේ තිබු බෝට්ටුවක් ගිනි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (14) අත්අඩංගුවට ගත් බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ වෙරළේ නවතා තිබු බෝට්ටුවක් පෙරේදා (13) සවස කිසියම් තැනැත්තෙකු විසින් ගිනි තබා ඇති බවට ලද පැමිණිල්ලක් මත සැකපිට අයෙක් එලෙස අත්අඩංගුවට ගත් බවයි. පොලිසිය පැවසුවේ ගිනි තැබීම හේතුවෙන් බෝට්ටුව සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති අතර, ප්‍රදේශයේ ධීවර ජනතාව සිදුකල පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වු බවයි. අත්අඩංගුවට ගත් සැකකරු යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..