අතන මෙතන

යාපනයේදී ට්‍රැක්ටරයක් පෙරළි අට දෙනෙකුට තුවාල

යාපනය,පොන්නාලෙයි මංසන්ධිය ප්‍රදේශයේදී ට්‍රැක්ටර රථයක් ‍හා ට්‍රැක්ටර රථ පෙට්ටියක් පෙරළීමෙන් පුද්ගලයින් අට දෙනෙකු ඊයේ(31) සවස තුවාල ලබා ඇති බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අධික වේගයෙන් ට්‍රැක්ටර රය ගමන්කොට වෙනත් මාර්ගයකට හැරවීමට උත්සහ කිරීමේදී පෙරළීමට ලක්ව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබුවන් වයස අවුරුදු 20 ත් 63 ත් අතර පසුවන අතර, තුවාලකරුවන් යාපනය රෝහලට හා කරෙයිනගර් රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසීය.

තුවාලකරුවන්ගේ තත්වය තරමක් බරපතල වන බවද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය වඩ්ඩුකොඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය