යලිත් නිවසේ සිට වැඩ කරන්නැයි ජනපති කියයි
30 October 2020
යලිත් නිවසේ සිට වැඩ කරන්නැයි ජනපති කියයි
30 October 2020
නැවතත් රාජ්‍ය අංශයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට සලස්වන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
සියලු අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරීවරුන් වෙත ජනපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
පසුගිය අප්‍රෙල් මාසයේදී නිවසේ සිට රාජකාරි කළ අත්සැකීම් උපයෝගි කරගන්න ලෙසද මෙහිදි ජනාධිපති ලේකම්වරයා උපදෙස් දී ඇත.
https://youtu.be/dugLbkY3OyA?t=6