අතන මෙතන

යතුරුපැදි අනතුරින් අයෙක් මරුට

බකමූණ පොලිස් වසමට අයත් ඇලහැර,අතරගල්ලෑව ප්‍රදේශයේ යතුරු පැදියක ගමන්ගත් තරුණයන් දෙදෙනෙක් ගවයෙකුගේ ඇඟේ හැපීම නිසා සිදුවූ බරපතල අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් තරුණයෙකු මරණයට පත්වී තිබේ.

19 හැවිරිදි එම තරුණයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව අද (27) මරණයට පත්ව ඇති බව බකමූණ පොලීසිය සඳහන් කරනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ලග්ගල, දේවාලදෙණිය, තෝරපිටිය, ගම්මාන අංක 2 පදිංචිව සිටි අයෙක්.

අනතුරින් පසු රෝහල් ගතකර ඇති අතර පසුව පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇත.