News

මෝදිගෙන් නව අගමැතිට සුබ පැතුම්

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කර ඇත.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්ය.

ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එමගින් පවසා ඇති අතර අනාගතයේදී දෙරට අතර ශක්තිමත් බැඳීමක් ඒ හරහා ගොඩනැගෙනු ඇති බව ඔහු සඳහන් කරයි.