මොහොමඩ් හෆීස් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කරයි
05 December 2018
මොහොමඩ් හෆීස් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කරයි
05 December 2018
පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
මේ වන විට අබුඩාබි හීදි නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරයි ඔහු එම තීරණය ගෙන තිබෙන්නේ.
ඒ පිළිබදව මොහොමඩ් හෆීස් විසින් කණ්ඩායමේ ප්‍රධාන තේරීම් භාර නිලධාරියා වූ ඉන්සමාම් උල් හක් වෙත ද දැනුම් දී තිබෙනවා.
තමන්ට සීමිත පන්දුවාර තරගවලට වැඩි අවධානයක් යොමු කිරීමට අවශ්‍ය බැවින් මෙවැනි තීරණයක් ගත බවද මොහොමඩ් හෆීස් විසින් ඉන්සමාම් උල් හක්ට දැනුම් දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.