අතන මෙතන

මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නඩත්තු සේවකයෙකු ඩෝසර් යන්ත්‍රයකට සිරවී මියයයි

මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ වාහන නඩත්තු ඒකකයේ සේවකයෙකු අද (12) ඩෝසර්යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටියදී එම යන්ත්‍රයට සිරවීමෙන් මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නඩත්තු අංශයේ සේවය කළ මහියංගනය තිස්සපුර පදිංචි පී.ඩීගුණපාල (58) නැමති තෙදරු පියෙකි.

හෙතෙම නඩත්තු ඒකකයේ ඩෝසර් යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටියදී ඩෝසර් යන්ත්‍රය එකවරම ක්‍රියාත්මකවීමෙන් එයට සිරවීමෙන් බරපතල තුවාල ලබා මොනරාගල මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිද්ධිය පිළිබඳව මොනරාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

කැලුම් ගුණතිලක – මොනරාගල