News

මෛත්‍රී සම නායකත්වය ඉල්ලුවේ නෑ – දයාසිරි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනගන නව සන්ධානයේ සම නායකත්වය කිසිවිටක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ පක්ෂ දෙක එක්ව ගොඩනගන නව සන්ධානයේ සම නායකත්වය පිළිබද පසුගිය ජනාධිපතිවරණය සමයේ යෝජනාවක් ඉදිරිපත්ව තිබු බවයි.