අතන මෙතන

මෛත්‍රී තේරවිලි අහලා යාළුවෙක්ට තෑගි දීලලු

පහුගිය 24 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිපිතිගමට ගියා. ඒ රුපියල් මිලියන 16,000 ක් වැය කරමින් ඉදි කෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට.

එල්ලංගා පද්ධති මගින් සබැඳුණ ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සනිටුහන් කරමින් පවත්වපු උත්සවේ තිබුනේ පොලිපිතිගම මහජන ක්‍රීඩාංගනයේ. හැමදාම වගේ මුල සුන ජනපති කතාව ආරම්භ වුනා. මෛත්‍රිපාල ජනාධිපති ටිකක් කතා කරලා මට විනාඩි දහයකට මේ කතාව වෙන පැත්තකට හරවන්න ඕන කියලා තේරවිල්ලක් අහන්න පටන් ගත්තා… ”මේ තෙරෙවිල්ලට උත්තරේ දන්නා කෙනෙක් අත ඉස්සුවොත් මං තෑග්ගක් දෙනෝ..” මෛත්‍රී කිව්වා..

රෑ කල බලලා හරි බරි ගැහිලා කුප්පි එළියටයි පැදුර එළන්නේ
බෑ දෙක පිහලා රෙදි කැටි කරලා උඩ හිලෙ යට උල වද්දන්නේ
නෑහැක ටික ටික හිලට එබූ කළ දෙබෑව අතරින් පිටි එන්නේ
මේ ටික තෝරා දුන්නොත් නැනෝ උඹයි පැලට මං වඩමන්නේ

ඔන්න ඉතින් තෙරවිල්ලේ උත්තරේ දන්නා කියන ගොවි මහත්වරු එක පොඩියට අත් උස්සද්දී මෛත්‍රී කියනවා එන්න එන්න එක්කෙනක් ඇවිත් උත්තරේ කියන්න කියල…ඉතින් එක ගොවි මහත්තයෙක් ඇවිත් උත්තරේ කියනවා ”කුරහන් ගල ” කියලා..

ඔන්න එතනින් ඒ කතාව ඉවර වුනාට මේ මෛත්‍රී කියපු තේරවිල්ල සමාජ ජාල වල වගේම කඩ පිලේ ළිං තොටේ නැගලම ගියා… ඔහොම නැගල යන අතර අලුත්ම ආරංචියක් ආවේ මේ තේරවිල්ලට උත්තරේ දුන්නු ගොවියා මෛත්‍රී කලින් දන්නා කියන මිත්‍රයෙක් කියල..ඉතින් මෛත්‍රී තේරවිල්ලක් අහල යාලුවෙක්ට තෑගි දුන්න කියලලු දැන් ආරංචිය පැතිරෙන්නේ…

පිළිතුර විමසන මෛත්‍රී

පිළිතුරු ලබාදෙන ගොවි මහතා

මෛත්‍රීගේ සහ ගොවි මහතාගේ මින් පෙර ගත් ඡායා රූපයක්