අතන මෙතන

මේ ආණ්ඩුව 2005 ඉඳලා ගෙනාපු ප්‍රතිපත්ති ඔක්කොම වෙනස් කළා ඒ අපෙන් පළිගන්නයි

අතර පසුගිය සඳුදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වතුන් පිරිසක් ද මහින්ද මුණගැසීමට පැමිණ තිබුණි. එහිදී මහින්ද සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර සාකච්ඡාවට බඳුන් වූයේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ රටේ අනාගතය සම්බන්ධයෙනි. මෙම සාකච්ඡාව අතරතුර විද්වතුන් පිරිස පෙන්වා දුන්නේ රටට ශක්තිමත් නායකයකුගේ අවශ්‍යතාව තදින් දැනෙන බවත්, එවැන්නෙකු වෙනුවෙන් ‘විශාල හිඩැසක්’ නිර්මාණය වී ඇති බවත්ය.

එමෙන් ම ආණ්ඩු මාරු වන විට රාජ්‍ය ප්‍රතිපත්ති මාරු වීම ද වරදක් බව ඔවුන් පෙන්වා දුන්නේ ය. විශේෂයෙන් ම ඔවුන් පැවසුවේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික වැනි ප්‍රතිපත්ති ආණ්ඩු මාරු වීමේ දී මාරු නොවිය යුතු බව ය. ඔවුන් කීවේ, ‘මොන ආණ්ඩුවක් ආවත් රටේ ප්‍රතිපත්තිය එකක් විය යුතු…’ බවයි.

‘‘මමත් ඒ කතාවට එකඟයි… ආණ්ඩු මාරු වෙන කොට ප්‍රතිපත්ති මාරු කරන්න ඕනේ නැහැ… අපි 2005 ඉඳලා අරගෙන ආපු ප්‍රතිපත්ති ඔක්කොම මේ ආණ්ඩුව වෙනස් කළා… එහෙම කළේ අපෙන් පළිගන්නයි…. අපි කරපු හොඳ වැඩ ඉස්සරහට කරගෙන ගියොත් අපිට ලකුණු වැටෙයි කියලා මේ ආණ්ඩුව බය වුණා… ඒ නිසයි ආණ්ඩුව ඒවා ‍විනාශ කෙරු‍වේ… බලන්න නෙළුම් කුළුණ, පෝට් සිටිය වගේ ව්‍යාපෘති නතර කරලා දැම්මා… අලුතෙන් කිසිම ව්‍යාපෘතියක් පටන් ගන්නෙත් නැහැ

අපි කරගෙන ආපුවා කරන්නෙත් නැහැ… ඕක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය… අපි වැඩ කළේ ලකුණු බලාගෙන නෙමෙයි… අපි වැඩ කළේ මේ රට් ජනතාව වෙනුවෙන්… ඉස්සරහටත් අපි වැඩ කරන්නේ ‍ජනතාව වෙනුවෙන්… කිසිම ආණ්ඩුවක් තමන් බලයට එන කොට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය මුල්කරගෙන රට පාලනය කරන්නේ නැහැ… හැබැයි අපි මහින්ද චින්තනය ඉදිරිපත් කරලා ඒකට අනුව වැඩ කළා… දැන් ‘ගම සමඟ පිළිසඳරක්’ කියලා පටන් අරගෙන තියෙන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තියෙන්නෙත් ඒ වෙනුවෙන්මයි…’’ මහින්ද පැහැදිලි කළේය.