brand logo

මෙහෙවර පියස නව ගොඩනැගිල්ල අද ජනතා අයිතියට

20 August 2019

කම්කරු දෙපාර්තමේන්තුවේ මෙහෙවර පියස නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (20) ජනතා අයිතියට පත්වන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඊයේ (19) ප‍්‍රකාශ කළේය. නව කම්කරු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල රජයට අයත් උසැතිම ගොඩනැගිල්ල වන අතර මහල් 34 කින් යුක්තය. 2009 වසරේ ඉදිකිරීම් ඇරඹු මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 8557 ක් බව වාර්තා වෙයි. මුල් ගල් තබා කම්කරු මහලේකම් කාර්යාල භූමියේ වැඩ එම වසරේ දී වැඩ ඇරඹුවත් එවකට බලාපොරොත්තුව වී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ මුදල්වලින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම වන අතර නමුත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදවා ගැනීමේ දී එම භූමියේ අයිතිය මහ බැංකුව සතුවිය යුතු බවට මහ බැංකුව ගෙන ආ නිර්දේශය මත එම ගොඩනැගිල්ල ඉදිකිරීම අතරමඟ නැවතී තිබු බව කම්කරු අමාත්‍යංශයේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
 

More News..