brand logo
logo

මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

04 November 2020

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ සිය නිවසේදීම මියගොස් ඇති බවයි. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ. මෙම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසුවූ බවත්, නිධන්ගත රෝගයන්ගෙන් පෙලුන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී වාර්තා වී ඇත. මෙම රෝගියා මියයාමට ආසන්නතම හේතුව වශයෙන් කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ලෙස දැක්වේ.
 

More News..