News

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 544දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබේ.

ඔවුන් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 13,628ක් දක්වා ඉහළ යනු ඇත.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17,127ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.