brand logo

මෙරට කොවිඩ් මරණ දස දහසට ආසන්නයි

04 September 2021

තවත් කොවිඩ් මරණ 145ක් වාර්තා වෙයි

කොවිඩ් මරණ 145ක් ඊයේ (03) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 145ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,951ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එම කොවිඩ් මරණ 145න් 68 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 77දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 117 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක් කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ. එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 24 දෙනෙක් අවුරුදු 30 - 59ක් අතර පුද්ගලයින්ය
 

More News..