News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1819 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1819 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.