brand logo
logo

මූල්‍ය ආයතන 9ක් අවධානම් කලාපයේ

23 October 2020

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම් තිස් අට අතරින් අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතාවය සපුරා නොමැති ආයතන පිළිබද මහජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ. අවම ප්‍රාග්ධන ප්‍රමාණය පිලිබද කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා, එය සපුරා ගැනීම සඳහා කාල දිගුවක් ද ලබාදී ඇතැයි මහ බැංකුව පවසයි. එම මූල්‍ය සමාගම් නවයෙහි නම් පහතින්, * ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී * ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී * කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් * බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. * මර්චන්ටි බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. * යූ.බී. ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් * රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් * සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පී.එල්.සී. ** නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී. මෙම මූල්‍ය ආයතන අතුරින් නේෂන් ලංකා ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම අවශ්‍ය අවම ප්‍රාග්ධන ප්‍රමාණය පිලිබඳ කොන්දේසි වලට අනුගතව ක්‍රියාකර නැති අතර, ඔවුන් තමන්ගේ ප්‍රාග්ධන සමුච්චය වර්ධනය කිරීමේ සැලසුම් ද ලබාදී නැත. මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ...
 

More News..