brand logo

මුස්ලිම් මරණ භූමදානය කරන්න ඉඩක් අලි සබ්රි සොයයි

09 November 2020

කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන ලෙස තමන් අදාළ අංශ වෙත ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. "මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හන්වඩු ගහනවා.මෙතෙන ඇති අන්තවාදයක් නෑ.ලෝකයේ රටවල් 189ක ආදාහනය ඇරුණහම භූමදානයටත් අවසර ලබා දීල තියෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයත් භූමදානයට අවසර ලබා දීල තියෙනවා"යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මුල් කාලයේ දී වෛරසය ගැන දැනීමක් නොමැති නිසා බයක් තිබූ නමුත් මේ වනකොට ඒ පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් පවතින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් විද්‍යානූකූලව සලකා බලා මේක සමාජයට පැතිරෙන්නේ නැති ආකාරයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ සඳහා ලබා දිය හැකි අවස්ථාව සලකා බලන බවත් සඳහන් කරයි. ඒ ඉල්ලීම කරන එකෙන් අපි මේ රටේ නිරෝධායන නීතියට අභියෝග කරනවා කියන එක අදහස් කරන්නේ නෑ යනුවෙන්ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..