brand logo

මුස්ලිම් ත්‍රස්තයන් ඇතුළුවීමෙන් තමිල්නාඩුව සීරුවෙන් ! පහක් ලාංකිකයෝ

24 August 2019

තමිල්නාඩු ප්‍රාන්තයට ත්‍රරස්තවාදීන් 06 දෙනෙකු ඇතුළුවී ඇති බවට ලද බුද්ධි තොරතුරු හේතුවෙන් එම ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කිරීමට එරට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ත්‍රස්තවාදීන් 06 දෙනා ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පැමිණ ඇති බවට බුද්ධි අංශ අනාවරණය කර ඇති බවයි "ද හින්දු" වෙබ් අඩවිය වාර්තා කළේය. පාකිස්තානයේ ක්‍රියාත්මක ලෂ්කර්-ඊ-තායිබා (LeT) සංවිධානයට අයත් බව කියන මෙම ත්‍රස්තවාදීන් 06 දෙනා අතර එක් පාකිස්තාන ජාතිකයෙක් ද වන බව තමිල්නාඩු පොලිසියට ලැබී ඇති බුද්ධි තොරතුරු උපුටා දක්වමින් සඳහන් කර ඇත. මෙම පාකිස්තාන ජාතිකයා ඉල්ලෙයාස් අන්වර් නමින් හඳුනාගෙන ඇති අතර අනෙක් සැකකරුවන් පස් දෙනා ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින් බව හෙළිකර ගෙන ඇත. ලෂ්කර්-ඊ-තායිබා ත්‍රස්ත සංවිධානය විසින් ඉන්දියාව තුළ ප්‍රහාර එල්ල කිරීමේ සුදානමක් සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරා එරට බුද්ධි අංශ අනතුරු අඟවා තිබිණි. මේ හේතුවෙන් චෙන්නායි සහ කොයිම්බතූර් හි ආරක්ෂාව දැඩි කිරීමට තමිල්නාඩු පොලිසිය පියවර ගෙන ඇත. ඉන්දීය විමර්ශන ඒජන්සිය විසින් සිදුකරනු ලැබූ මෙහෙයුම්වලදී පසුගිය මාස කිහිපය තුළදී ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධවීම සඳහා පුහුණුව ලැබූ බව කියන පුද්ගලයින් 10 කට අධික පිරිසක් කොයිම්බතූර් ඇතුළු නගර කිහිපයකදී අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධකමක් පැවැත්වූ මොහොමඩ් අසරුඩින් ද ඒ අතර විය. චමින්ද සේනාරත්න
 

More News..