අතන මෙතන

මුලතිව් වට්ටුවාකල් ප්‍රදේශයෙන් බිම් බොම්බ මතුවෙයි.

මුලතිව්,වට්ටුවාකල් ප්‍රදේශයෙන් බිම් බොම්බ තොගයක් සොයා ගැනීමට ඊයේ(14) හැකිවු බව මුලතිව් පොලිසිය පවසයි.

මුලතිව් පොලිසිය පැවසුවේ ප්‍රදේශවාසීන් අදාළ බෝම්බ දැක අනතුරුව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය අදාළ බිම් බෝම්බ තොගය සොයාගත් බවයි.

බිම් බෝම්බ නමයක් එලෙස සොයා ගැනීමට හැකිවු අතර, සොයාගත් බිම් බෝම්බ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර් ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

යුධ සමයේ මුලතිව් වට්ටුවාකල් ප්‍රදේශයේ යුධ ගැටුම් බහුලව සිදුවු අතර, වට්ටුවාකල් පාලම හරහා එල්. ටී.ටී. ඊ. පාලන ප්‍රදේශයේ සිටි ජනතාව යුධ හමුදා ප්‍රදේශ වෙත
පැමිණියේය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව -මාධව කුලසූරිය.