අතන මෙතන

මුලතිව් මුහුදේ ගිලිණු පුතාගේ මළ සිරුරත් සොයාගනියි

මුලතිව්,නයාරු සාගර තීරයේ දිය නෑමට ගිය අවස්ථාවේ 29 වැනිදා දහවල් දියේ ගිලීමෙන් අතුරුදහන්වු පුතාගේ මළ සිරුර අද (31) උදැසන වෙරළට ගොඩගසා තිබියදී හමුවු බව මුලතිව් පොලිසිය පවසයි.
මුලතිව් පොලිසිය පැවසුවේ කැළණිය දළුගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් විනෝද චාරිකාවක් පැමිණි අවස්ථාවේ මුලතිව් නයාරු සාගර කලාපයේ දිය නෑමට ගිය අවස්ථාවේ පියා හා පුතා අතුරුදහන්වු බවයි.

අතුරුදහන්වු වයස අවුරුදු 55 ක් වු වරුණ ගමගේ නමැත්තාගේ මළ සිරුර ඊයේ(30) හමුවු අතර, අතුරුදහන්වු වයස අවුරුදු 16 ක් වු ලකිදු ගමගේ නමැති පුතාගේ මළ සිරුර අද(31) හමුවු බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසුවේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ‍ වෙනුවෙන් මුලතිව් රෝහලට යොමුකළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය