brand logo
logo

මුම්බායි ඉන්දියන්ස්ට රජවරුන්ට මෙන් සැලකුම්

02 September 2020

ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ඩුබායි වෙත ගොස් සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මානසික සෞඛ්‍ය යහපත් තත්ත්වයේ පවත්වාගෙන යාම සඳහා ඔවුන් රැඳී සිටින මැරියට් සමූහයට අයත් හෝටලයේ විනෝදාස්වාද මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ. වර්ග අඩි 15000ක් වන මෙම විනෝදාස්වාද මධ්‍යස්ථානයට සුවිශේෂී රංග ශාලාවක්, බ්‍රිලියඩ් මේසයක්, කැරෝකේ ශාලාවක් ඇතුළු විනෝද ක්‍රීඩා රැසක් ඇතුළත් අතර ඔවුන්ව මෙම ශාලාව සඳහා යොමු කළ පළමු අවස්ථාව මෙය වේ. මෙම අවස්ථාව සඳහා පුහුණුකරු මහේල ජයවර්ධන, නායක රෝහිත් ෂර්මා, හර්දික් පාණ්ඩ්‍යා, කෘනල් පාණ්ඩ්‍යා ඇතුළු ක්‍රීඩාකයෝ සහභාගි වී සිටියහ. මුම්බායි ඉන්දියන්ස් යනු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම සාර්ථක කණ්ඩායම වන අතර එහි හිමිකාරිත්වය ඉන්දියාවේ ධනවත්ම පවුල වන අම්බානි පවුලට හිමිව තිබේ. ඔවුන් සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා අබුඩාබිහි වෙසෙන රජවරුන්ට හා සමානවම පහසුකම් සලසා දී ඇති බැව් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටී. https://youtu.be/MU0J4XeCt5k https://youtu.be/wCcqT52Zu8U  
 

More News..