මුදල් විශුද්ධිකරණ පනත යටතේ තරුණයෙක් අත්අඩංගුවට
08 April 2021
මුදල් විශුද්ධිකරණ පනත යටතේ තරුණයෙක් අත්අඩංගුවට
08 April 2021
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රත්මලාන ප්‍රදේශයේ තරුණයෙක් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්මලාන, ධර්මාරාම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අදාළ සැකකරු විසින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුමකට රුපියල් මිලියන 136ක මුදලක් ලැබී ඇත.
අදාළ මුදල් මෙරටින් පළා ගොස් සිටින අපරාධකරුවෙකු ලෙස සැලකෙන ධර්මසිරි පෙරේරා නැමැත්තා විසින් සැකකරු වෙත එවා ඇතැයි තහවුරු වී ඇත.
මීට මාස කිහිපයකට පෙර යම් පුද්ගලයෙකුගේ ගිණුමට රුපියල් කෝටි 49ක මුදලක් ධර්මසිරි පෙරේරා නැමැත්තා විසින් එවා තිබු අතර, එම පුද්ගලයා ද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
එම මුදලින් රුපියල් මිලියන 136ක මුදලක් ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ගිණුමට බැර වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (08) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.