අතන මෙතන

මීළඟ ජනපති රෙද්ද – බැනියම අදින කෙනෙක්

මීළඟ ජනපති ලෙස පත්වන්නෙත් රෙද්ද – බැනියම අදින කෙනෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“නිසැකවම කියනවා රෙද්ද බැනියම අඳින මිනිහෙක් තමයි ඊළගපාර ඊළඟ ජනපති වෙන්නේ.

මට ඕන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඒ වගේම පළි ගන්නේ නැති නායකයෙක්. පහුගිය රජයවල් හැම එකක්ම රජයට විරුද්ධව කථාකරපු මාධ්‍යවේදින්ට හා වෙනත් අයට ගැහුවා, ඒ අයව මැරුවා.

ඒ වගේ කෙනෙක් එනවට මම කැමති නෑ. මම එහෙම කෙනෙක්ට සහාය දෙන්නේ නෑ. මම ඔහුට විරුද්ධව වැඩ කරනවා කවුරු වුණත් කමක් කෑ.”