brand logoaward badge

මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 12දක්වා ජල සැපයුම අත්හිටුවයි

03 July 2019

මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව ජල සැපයුම අත්හිටුවා ඇත්තේ මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, බාසියාවත්ත, දුන්ගල්පිටිය, පමුණුගම, කටාන, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන්තොටුපොළ සහ කටුනායක ගුවන් හමුදා කඳවුර ප්‍රදේශවලට වන අතර බම්බුකුලිය ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් මීට හේතුවී ඇත.
 

More News..