brand logo

මිලියන ගණනක් වටිනා ලැප්ටොප් සොරකම් කළ අයෙකු අත්අඩංගුවට

22 November 2022

සොරකම් කළ ලැප්ටොප් අඩු මුදලට අලෙවි කරලා

පොලිස් වසම් හයක පිහිටි ආයතන රැසකට ඇතුළු වී රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා ලැප්ටොප් පරිගණක ඇතුලු දේපල රැසක් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පරිගණක යන්ත්‍ර 10 ,ක් ටැබ් යන්ත්‍ර 3 ක් හා ජංගම දුරකථන තුනක් මෙන්ම රත්තරං ගුලියක් පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස 28ක පුද්ගලයකු වන අතර සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ කුලී නිවාස වල සහ ලැගුම්හල් වල රැඳී සිට මෙම සොරකම් සිදුකර ගෙන ඇතැයි පොලිසිය පවසයි. සැකකරු විසින් ඉකුත් කාලය පුරා නවගමුව පොලිස් වසමේ ඇඟලුම් ආයතනය දෙකකට ,අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතන දෙකකට මෙන්ම , ගල්කිස්ස පූගොඩ කොස්ගම හා හුන්ගම පොලිස් වසම් වල පිහිටි ආයතන හතරකට ඇතුළු වී මෙම සොරකම් සියල්ල සිදුකර ඇතැයි පොලිසිය කියයි. සැකකාර පුද්ගලයා ඇඟලුම් ආයතන වල සිදු කළ අපරාධ වල දී එම ආයතන තුළට ඇතුළුවීම සඳහා කටයුතු කර ඇත්තේ ආයතනයේ සේවය කරන්නකු ලෙස වෙස් වලාගෙන බවත් ආයතනයට ඇතුළු වීමෙන් අනතුරුව සැඟව සිට රාත්‍රී කාලයේ දී කාර්යයාල තුළට ඇතුළු වී දේපොල සොරකම් කිරීම සිදුකර ඇති බවට පත් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී යැයි පොලිස් වී යැයි පොලිස් නිලධාරියකු පැවැසීය. සොරාගත් දේපළ සියල්ල කොළඹ අවට ප්‍රදේශ වල පුද්ගලයන්ට සහ උසස් මධ්‍යස්ථානවලට ලබාදී මුදල් ලබාගෙන හොරයින් මත්කුඩු පානය කර තිබූ බව පොලිසිය කියයි. සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරගම - බිමල් ජයසිංහ
 

More News..