Uncategorized

මිල්කෝ සමාගමේ නව සභාපති ලසන්ත වික්‍රමසිංහ වැඩ අරඹයි

මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කළ සැපයුම්දාම කළමනාකරණ විශේෂඥයෙකු වන ලසන්ත වික්‍රමසිංහ මහතා ඊයේ (16) එම ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය (විශේෂ) උපාධිධරයෙකු වන ඔහු තොරතුරු තාක්ෂණ හා නිෂ්පාදන කළමනාකරණ විද්‍යාපති උපාධි දෙකකට හිමිකම් කියනු ලබයි.

Haycarb පීඑල්සී හි නිෂ්පාදන සැලසුම් ඒකකයේ විධායකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු ලොව ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ සමාගමක් වන IFS R&D International හි සැපයුම්දාම කළමනාකරණ හා බදු වාර්තාකරණ ප්‍රධානියෙකු ලෙසින් වසර 12කට අධික කාලයක් රටවල් කිහිපයකම සේවය කර ඇත.