News

මිරිහානේ ප්‍රදේශ තුනක් හුදකලා කරයි

මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ වැල්සිරිපුර, රාහුලපුර සහ ප්‍රගතිපුර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම්දෙන තුරු හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ කොවිඩ් ආසාධිතයන් 14 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

කොවිඩ්-19 වෛරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු ද සිදුකෙරෙන බවයි.