News

මිනුවන්ගොඩ – පෑළියගොඩ පොකුර 13,000ට ළංවෙයි

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ 214 දෙනෙකු අද (14) දිනයේ හදුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ එම ආසාදිතයින් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුර 12,909ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 16,405ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.