brand logo

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් පහකට කොරෝනා

05 October 2020

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් පස් දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි අද (05) පස්වරුවේ තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි. එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 80 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 3483 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඉන් ආසාදිතයින් 211දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 3259දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..