අතන මෙතන

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළදුන් හයකට නඩු

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් ආහාර පරිශ‍්‍ර පවත්වාගෙන යමින් නීති උල්ලංගණය කළ වෙළදුන් 06 දෙනෙකුට එරෙහිව නඩු පැවරිමට කටයුතු කළ බැව් යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ගුල්ලන් සහිත අහාර, කල් ඉකුත්වු අහාර විකිණිමට ප‍්‍රදර්ශනය කිරිම, ලේබල් නිති උල්ලංගණය කොට විකිණිමට ඉදිරිපත් කිරිම, නිෂ්පාදනය කොට විකිණිමට බෙදාහැරිම, අපිරිසිදු ආකරයෙන් වෙළදසැල් පවත්වාගෙන යන චෝදනා යටතේ මෙකි වෙළදුන්ට එරෙහිව නඩු පැවරිමට කටයුතු කරණ බැව් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පවසති.

වත්තහේන හා යක්කලමුල්ල යන ප‍්‍රදේශවල දි මෙකි වෙළදසැල් පරික්ෂාකිරිම සිදුකරණු ලැබිය. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන එම් රණසිංහ, ඉරේෂ් ජොතිරත්න කුමාර යන නිලධාරින් විසින් වෙලදසැල් පරික්ෂාකොට වෙළදුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරිමට කටයුතු කරණු ලැබිය.

සරත් කුමාර ලොකුගේ-අක්මීමන