අතන මෙතන

මිතුරාගේ නිවසේ සාදයට ගිය පුද්ගලයා නිදි පැදුරේ මියගිහින්

 

 

මිතුරකුගේ නිවසකට සාදයකට ගිය පුද්ගලයකු එදින රාත්‍රියේ නින්දෙන්ම ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසයි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මල්වල කැන්දකැටිය පදිංචි සී.සංජීව ලක්ෂමන් (39) යන අයයි.

මොහු ඉකුත් 10වනදා රත්මල්වල මිතුරකුගේ ආරාධනාවකට අනුව සාදයකට සහභාගිවී ඇති අතර එදින රාත්‍රියේ එහිම නින්දට ගොස් ඇත. පසුදා තම මිතුරා අවදි කිරීමට නිවස අයිති මිතුරා ගොස් ඇත. එහෙත් ඔහු අවදි නොවී සිටි බැවින් ඔහු මිද්දෙණිය පොලිසියට සිද්ධිය දන්වා ඇත. ඒ සමගම පොලිසිය නිවසට පැමිණ කළ මූලික පරීක්ෂණයේදී මිතුරා ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය කරගෙන ඇත.

තිලක් මනම්පේරි -බෙලිඅත්ත

අශෝක කහඳුගොඩ-අඟුණකොළපැලැස්ස