මාලිංග මුම්බායි යයි - හෙට පාන්දරම කොළඹට
10 April 2019
මාලිංග මුම්බායි යයි - හෙට පාන්දරම කොළඹට
10 April 2019
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මුම්බාය බලා පිටත්ව ගොස් තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටියදීයි මාලිංග මෙලෙස මුම්බාය බලාපිටත්ව ගොස් ඇත්තේ.
මාලිංග ගාල්ල කණ්ඩායමේ නායකත්වය දරණ අතර, "අරුණ" අප මේ පිළිබදව ගාල්ල කණ්ඩායමේ කළමණාකරු ශම්මි ගුණසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මුම්බායි කණ්ඩායම නියෝජනය කිරීම සදහා මාලිංග ඉන්දියාව බලා පිටත්ව ගිය බවයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වන තරගය අද රාත්‍රීයේ මුම්බායේ වන්කඩේ පිටියේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම අද රාත්‍රීයේ තරග වැදීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කර තිබෙන්නේ ලසිත් මාලිංග අද තරගය සදහා ක්‍රීඩා නොකරන බවයි.
අද රාත්‍රීයේ පැවැත්වීමට නියමිත මුම්බායි - පන්ජාබ් අතර තරගයට සහභාගි වන අනුමාන කණ්ඩායම් දෙක පහතින් වේ.
https://youtu.be/c4Lgstd27uM